ඉරාන නෞකාවක් ගිලෙයි



කුවේට් රාජ්‍යයේ සිට කටාර් රාජ්‍යය දක්වා නාවිකයන් හයදෙනෙකු සමඟ යාත්‍රා කරමින් තිබු ඉරාන භාණ්ඩ නෞකාවක් අරාබි බොක්ක අශ්‍රිත මුහුදු ප්‍රදේශයේදී මුහුදුබත් වී ඇති බව බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

නෞකාවේ සිටි කාර්ය මණ්ඩලය බේරා ගැනීමට සමත්වු බවත් නැවේ තිබු භාණ්ඩ නෞකාව සමඟ මුහුදුබත්වු බවකුවේට් වරාය අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල්, ෂයික් යූසෙෆ් අල් අබ්දුල්ලාහ් අල් සබාහ් අල් නසීර් අල් සබා ප්‍රකාශ කළේය.

සිද්ධිය වු ස්ථානයට කුවේට් වරාය අධිකාරියේ කණ්ඩායමක්පිටත්ව ගොස් ඇති අතර නෞකාව ගිලීම හේතුවෙන් සිදු වු පාරිසරික බලපෑම් පිළිබඳව තක්සේරු කිරීමට එම කණ්ඩායම කටයුතු කරන බව වාර්තා වේ.

කුවේට් පෙට්රෝලියම් සමාගමේ තාක්ෂණික කණ්ඩායමක්දනෞකාව මුහුදුබත් වීම හේතුවෙන් ඇතිවිය හැකි තෙල් කාන්දු වීම් පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS