සෞදි අනතුරින් 30කට තුවාල



සෞදි අරාබියේ රියාද් නුවර මාර්ගයක සිදු වු අනතුරකින් විදේශ ශ්‍රමිකයන් තිස් දෙනෙක්(30) තුවාල ලබා ඇති බව වාර්තා වේ.

විදේශ ශ්‍රමිකයන් රැගෙන රියාද් නුවර දෙසට ධාවනය වෙමින් තිබු බස් රථයක් විරුද්ධ දෙසින් පැමිණි මෝටර් රථයක ගැටීමෙන් අනතුරු සිදු වී ඇත.

තුවාලකරුවන් රෝහල් ගත කිරීමට කටයුතු කළ බවත් දරුණු තුවාල සිදු වී නොමැති බව රතු අඩසඳ සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක, අබ්දුල්ලා අල්-මුරයිබාද් ප්‍රකාශ කළේය.

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS