ෂියා මුස්ලිම් පක්ෂ ඉදිරියට



අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තවාදීන් පරාජය කිරීමෙන් පසු ඉරාකයේ පැවැත්වුණු පළමු පාර්ලිමේන්තු මැතිවරණයෙන්, අගමැති හදීර් අබීදිට විරෝධය දක්වන ෂියා මුස්ලිම් දේශපාලන කණ්ඩායම් ඉදිරියට පැමිණ ඇතැයි වාර්තා වේ.

ඉරාකයේ පවතින්නේ අගමැති අබාදිගේ නායකත්වයෙන් යුත් සන්ධාන රජයකි. ෂියා මුස්ලිම් දේශපාලන පක්ෂ රැසක් මෙම සන්ධානයේ හවුල්කරුවන් වී සිටී. පැවැති මැතිවරණයෙන් ඉදිරියට පැමිණ ඇතැයි පැවැසෙන්නේ සන්ධානයට හවුල් නොවුණු ෂියා මුස්ලිම් දේශපාලන කණ්ඩායම්ය.

ආසන 329 කින් සමන්විත ඉරාක පාර්ලිමේන්තුව වෙනුවෙන් අපේක්ෂක අපේක්ෂිකාවෝ 7,000 ක පිරිසක් ඉදිරිපත් වී සිටි බව ද පැවැසෙයි. කෙසේ නමුත් ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ ඉතා අඩු ප්‍රතිශතයක් බව ද පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS