මංගල උත්සවයකට ගුවන් ප්‍රහාර



උතුරුදිග යේමනයේ මරීබ් ප්‍රාන්තයේ අල් මසීරා නගරයට සෞදි අරාබිය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් මංගල උත්සවයකට සහභාගී වෙමින් සිටි කාන්තාවෝ 10 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

ගුවන් ප්‍රහාරය එල්ල වී ඇත්තේ අල් මසීරා නුවර මංගල උත්සවය පැවැති ශාලාවට යැයි ද පැවැසෙයි. 20 කට වැඩි පිරිසක් එම ගුවන් ප්‍රහාරයෙන් තුවාල ලැබූ බව ද විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS