රහස් න්‍යෂ්ටික බලාගාරයක්



ඊශ‍්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු ද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සැසිය ඇමැතීය.

එහිදී ඔහුගේ වැඩි අවදානය යොමු වූයේ ඉරානයටය. අගමැති නෙදන්යාහු ඉරානයට දොස් නගමින් කියා සිටියේ ඉරානය රහසේ න්‍යෂ්ටික අවි නිපදවන බවය.

ඉරානය තෙහෙරාන් අගනුවරට ඔබ්බෙන් න්‍යෂ්ටික අවි නිපදවන ගබඩාවක් හොර රහසේ පවත්වාගෙන යන බවත්, එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදුකරන නිලධාරීන් වහා එම බලාගාරය පරීක්ෂා කළ යුතු බවත් අගමැති නෙදන්යාහු වැඩි දුරටත් කියා සිටියේය.

ඊශ‍්‍රායල අගමැතිවරයා මේ බව කියා සිටියේ, එම බලාගාරය ඇති ස්ථානය චන්ද්‍රිකා ඡුායාරූප ඇසුරින් රැුස්ව සිටි පිරිසට පෙන්වමින් යැයි ද පැවැසෙයි.

2015 වසරේ දී ඇති කරගත් න්‍යෂ්ටික එකඟතාව මැද ඉරානය හොර රහසේ න්‍යෂ්ටික අවි නිපදවන බවටත් ඉරානය ලෝකයේ සෙසු රටවල් මුලා කරන බවටත් ඊශ‍්‍රායල අගමැති නෙදන්යාහු වැඩි දුරටත් කියා සිටියේය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS