සමාජ ප්‍රශ්නයක්



කුවේට් රාජයයේ දික්කසාදවීම් විශාල ලෙස වැඩිවෙමින් පවතින අතර සමාජ ප්‍රශ්නයක් බවට පත් ව ඇති බව කුවේට් සංඛ්‍යාලේඛන දෙපාර්තුමේන්තුව ප්‍රකාශ කළේය.

2018 ජනවාරි මාසයේ සිට මාර්තු මාසය දක්වා වු කාලසීමාව තුල දිනකට දික්කසාදවීම් විසිදෙකක් (22) සහ විවාහ ගිවිසගැනීම් තිස්තුනක්(33)වාර්තා වී ඇති බව දෙපාර්තුමේන්තුව ඉදිරිපත් කරන ලද නවතම වාර්තාවක සඳහන් කර ඇත.

ජනවාරි-මාර්තු කාලය තුල විවාහ ගිවිසගැනීම 2,995ක් සහ දික්කසාදවීම් 1,985ක් වාර්තා වී ඇත.

දික්කසාදවීම් වැඩිවීමටත්පවුලේ සාමාජිකයන් අතර අන්තර් සම්බන්ධතාවයන් බිඳිවැටීමට සමාජ ජාල වෙබ් අඩවි ප්‍රධාන සාධකයක් බවට පත් වී ඇති බවත් දෙපාර්තුමෙන්තුව පෙන්වා දෙයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS