තෙල් සංචිතවලින් හයවන තැන



කුවේට් රාජ්‍යය 2017 වර්ෂයේ ලෝකයේ විශාල තෙල් සංචිත පවතින ප්‍රධාන රටවල් 16 අතුරින් හයවන ස්ථානය දිනාගැනීමට සමත් වී ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

දැනට කුවේට් රාජ්‍යය සතුව ඇති තෙල් සංචිත ප්‍රමාණය බැරල් බිලියන 101.5 පවතින අතර සාමාන්‍යයෙන් දිනකට තෙල් බැරල් මිලියන 3.15ක් නිෂ්පාදනය කරනු ලබයි.

2016 වර්ෂයේ සමස්ථ තෙල් අපනයන ආදායමෙන්ඇමරිකානු ඩොලර් බිලියන 41.26ක් උපයාගැනීමට කුවේට් රාජ්‍යය සමත් වී ඇත.

ලෝකයේ විශාලතම තෙල් සංචිතයක් පවතින රට ලෙස වෙනිසියුලාව ප්‍රථම ස්ථානයේ පසුවන අතර සංචිත තුල තෙල් බැරල් බිලියන 300.88 පවතියි.

දිනකට තෙල් බැරල් මිලියන 2.41ක් වෙනිසියුලානු රාජ්‍යය නිෂ්පාදනය කරනු ලබයි.

2015 වර්ෂයේදි වෙනිසියුලානු රාජ්‍යය දිනකට තෙල් බැරල් මිලියන 2.64ක් නිෂ්පාදනය කර ඇත.

වෙනිසියුලානු රාජ්‍යයට පසුව දෙවන ස්ථානය සෞදි අරාබිය හිමි වී ඇති අතර සෞදිය සතුව පවතින තෙල් බැරල් ප්‍රමාණය බිලියන 266.46ක් වන බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කළේය. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS