දෝහා ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය



‘දැනුවත් සමාජයක්’ යන තේමාව යටතේ 28 වැනි දෝහා ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2017 නොවැම්බර් 29 වැනිදා සිට දෙසැම්බර් 5 වැනිදා දක්වා කටාර් ජාතික සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වේ.

අරාබි හා විදෙස් රටවල් 29ක් මෙවර ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ සත්කාරකත්වය දරමින් කටයුතු කරන අතර ලොව පුරා පොත් ප්‍රකාශකයන් 400කට වැඩි පිරිසක් මීට සහභාගී වීමට නියමිතය.

ළමා පොත් ප්‍රකාශකයන් 82ක්, අරාබි පොත් ප්‍රකාශන සමාගම් 241ක්, විදෙස් පොත් ප්‍රකාශන සමාගම් 26ක් සහ දූත නියෝජිතයන් 24ක් ආදිය ද ඇතුළුව පොත් ප්‍රකාශන සමාගම් රැසක් දෝහා ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සහභාගී වේ.

1972 වසරේදී මුල් වරට ආරම්භ වූ දෝහා ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2002 වසර තෙක් වසර දෙකකට සැරයක් පැවැත්වුණු අතර වසරේ සිට වාර්ෂිකව පැවැත්වීමට එහි සංවිධාකයෝ කටයුතු කළහ.

කටාර් රජය, පෞද්ගලික අංශ ඇතුළු පාර්ශවක රැසකගේ දායකත්වයෙන් පැවැත්වෙන මෙම පොත් ප්‍රදර්ශනයට විවිධ මාතෘකා 18,185ක් යටතේ පොත් මිලදී ගැනීමට පොත් කියවන්නන්ට අවස්ථාව උදා වී තිබේ. එයින් 15,423ක් අරාබි භාෂාවෙන් ද 2762 ක් විදෙස් භාෂාවලින් ද සමන්විතය. පාඨකයන්ට සියයට 25ක වට්ටම් යටතේ පොත් මිලදී ගැනීමට හැකියාව ඇතැයි ද සංවිධායක මණ්ඩලය සඳහන් කරයි.

හර්ෂණ තුෂාර සිල්වා

ද පෙනින්සියුලා


RECOMMEND POSTS