සෞදි ප්‍රහාරයෙන් 43 ක් මරුට



යේමනයේ හවුති සටන්කාමීන්ගේ ග්‍රහණයේ පවතින සාදා පළාතට සෞදි ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරයකින් 43 ක් ජීවිතක්ෂයට පත්වූහ.

ගුවන් ප්‍රහාරය එල්ල වී ඇත්තේ බස් රථයකටය. මියගිය 43 දෙනාගෙන් වැඩිදෙනා අවුරුදු 10 ට අඩු කුඩා දරුවන් යැයි පැවැසෙයි. බසයට ප්‍රහාරය එල්ල වූයේ වෙළෙඳ පොළක් අසලදීය.

සෞදි රජය පවසා ඇත්තේ තමන් පහර දුන්නේ ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් කියාය. මානව හිමිකම් සුරැකීමේ සංවිධාන පෙන්වා දෙන්නේ සෞදිය රෝහල් සහ පාසල් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරන බවය.

(රොයිටර්)

 


RECOMMEND POSTS