පොදු වැසිකිලිවලට ගෙවන්න වෙලා



සෞදි අරාබියේ ජෙඩා නුවර උද්‍යානයන් තුල ඇති පොදු වැසිකිලි භාවිතා කරන පුද්ගලයින්ගෙන් සෞදී රියාල් 2 සිට 7 දක්වා මුදලක් අයකිරීමට ජෙඩා නුවර නගරසභා බලධාරීන් පියවර ගෙන ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩිවිය වාර්තා කාළේය.

වැසිකිලිවල පිරිසිදුභාවය, උසස් තත්ත්වයේ සේවාවක් සැපයීම සහ වැසිකිලි තුල සිදුවන නීතිවිරෝධි ක්‍රියාවන් නැවැත්වීමේ අරමුණින් මුදල් අයකිරීමට කටයුතු කරන බව ජෙඩා නුවර නගරසභාවේ නිල මාධ්‍ය ප්‍රකාශක, ගසාන් අල්-සහරානි ප්‍රකාශ කළේය.

උද්‍යානයට පැමිණෙන ජනතාවගේ පහසුව සඳහා සියලුම වැසිකිලි පද්ධතිවල නඩත්තු කටයුතු කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව පෞද්ගලික අංශයට ලබාදුන් බව නිල මාධ්‍ය ප්‍රකාශක වැඩිදුරටත් ප්‍රකාශ කාළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS