ජපන් මාධ්‍යවේදියා නිදහස්



සිරියාවේ දී අයි.එස්. ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට හසුවී සිටි තම මාධ්‍යවේදී ජුම්පේයි යෂුදා එම ත්‍රස්තවාදීන් විසින් මුදා හරිනු ලැබ ඇති බවත්, මේ වනවිට යෂුදා ආරක්ෂිතව තුර්කියට ගොස් සිටින බවත් ජපන් රජය කියයි.

ජුම්පේයි යෂුදා නිදහස් මාධ්‍යවේදියකු ලෙස සිරියාවට ගොස් සිරියාවේ යුද ගැටුම් වාර්තා කරමින් සිටිද්දී ත්‍රස්තවාදීන් විසින් අල්ලා ගනු ලැබුණු බව පැවැසෙයි. වසර 3 ක් තිස්සේ ඔහු ත්‍රස්තයන්ගේ ග්‍රහණයේ පසුවිය.

මාධ්‍යවේදී ජුම්පේයි යෂුදාගේ නිදහස සම්බන්ධයෙන් තමන් සතුටට පත්වන බවත් ඔහු කඩිනමින් ජපානයට ගෙන්වා ගන්නා බවත් ජපාන අගමැති ෂෙන්සෝ අබේ මාධ්‍ය හමුවේ පවසා ඇත.

(අල් ජසීරා)


RECOMMEND POSTS