ලෙබනන මහ මැතිවරණයට කාන්තාවෝ



ලබන 6 වැනිදා පැවැත්වෙන ලෙබනන මහ මැතිවරණය සඳහා කාන්තා අපේක්ෂිකාවන් රැසක් ඉදිරිපත්ව සිටියි.

පාර්ලිමේන්තු ආසන 595 ක් සඳහා පැවැත්වෙන මෙවර ලෙබනන මහ මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින කාන්තා අපේක්ෂිකාවන් සංඛ්‍යාව 86 කි. මැතිවරණය සඳහා නාම යෝජනා ඉදිරිපත් කළ  976 ක පිරිස අතර කාන්තාවන්  113 දෙනෙකු සිටියද නව මැතිවරණ නීති යට‍තේ ඔවුන් සියලු දෙනාටම අපේක්ෂකත්වය ලබාගැනීමට හැකි වී නැහැ.

ලෙබනන මැතිවරණය තුළ ඉහළම කාන්තා නියෝජනය මෙවර මැතිවරණයේදී පෙන්නුම් කරන ලබන අතර එය  සියයට පහළොවක ප්‍රතිශතයක් බව සඳහන්ය.2009 වසරේ  වසරේ පැවති මහමැතිවරණයේදී ඉදිරිපත්ව ඇති කාන්තා අපේක්ෂිකාවන් සංඛ්‍යාව 12 කි.

ඔවුන් අතුරින් පවතින දේශපාලන පක්ෂ නියෝජනය කරමින් ඉදිරිපත්ව සිටින්නේ අපේක්ෂිකාවන් 8 දෙනෙකු පමණයි.අනෙක් සෙසු අපේක්ෂිකාවන් සියලු දෙනාම ස්වාධීන අපේක්ෂිකාවන් යැයි පැවසේ.

මේ අතර 2018 මහ මැතිවරණය සඳහා ලියාපදිංචි චන්ද දායකයින් අතුරින්  50.8%ක ප්‍රමාණයක් කාන්තාවන් බවද විදෙස් වාර්තා වල වැඩිදුරටත් සඳහන්ය.

( තිළිණි ද සිල්වා )

අල් ජසීරා / ෆ්‍රාන්ස් 24 ඇසුරෙනි.


RECOMMEND POSTS