ගුවන් ගමන අතරතුර සාප්පු සවාරි



ඩුබායි අන්තර්ජාතික ගුවන්තොටුපල හරහා වෙනත් රටවල්වලට ගමන් කිරීමට පැය හතරකට වඩා වැඩි කාලයක් ගුවන්තොටුපල තුල රැදී සිටින ගුවන් මඟින්ට ඩුබායි නගරයේ සාප්පු සවාරි යෑමට අවස්ථාව ලබාදීමට ගුවන්තොටුපල බලධාරීන් පියවරගෙන ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

පැය හතරට අඩු කාලයක් ගුවන්තොටුපල තුල රැදී සිටන ගුවන් මඟින්ට සතුටු විය හැකි ආකාරයේ වැඩසටහන් කීපයක් සංවිධානය කර ඇති බව වාර්තා වේ.

ඩුබායි නගරයේ අමුතුම ආකාරයේ අත්දැකීමක්ගුවන් මඟින්ට ලබාදීමටත්, වැඩි ආදායමක් ගුවන් මඟින්ගෙන් ලබාගැනීම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ මුලික අරමුණ බව ගුවන්තොටුපල බලධාරීන් මාධ්‍යයට ප්‍රකාශ කර ඇත.

ඩුබායි අන්තර්ජාතික ගුවන්තොටුපල හරහා ගුවන්මඟින් මිලියන 4.5ක් මාසිකව සිය ගමනාන්ත වෙත ගමන් කරන අතර වාර්ෂිකව මිලියන 50 ඉක්මවා යන බව නවතම සංඛ්‍යා දත්ත මඟින් තහවුරු වී ඇත.

මීට පෙර ගුවන්තාටුපල තුල රැදී සිටි ගුවන්මඟීන්ට ඩුබායි අන්තර්ජාතික ගුවන්තොටුපලෙන් පිටතට පැමිණීමට අවසර ලබා නොදී තිබු බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS