ඝාතනය ගැන හෙළිදරව්වක්



සෞදි මාධ්‍යවේදී ජමාල් කශොග්ජී මරා දැමීමෙන් පසු, එම ඝාතන කණ්ඩායමට නායකත්වය දුන් අයකු කළ දුරකතන පණිවුඩයක් ඇමෙරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත අනාවරණය කරයි.

‘ලොක්කට කියන්න වැඬේ හරි’ යැයි ඝාතන කණ්ඩායමට නායකත්වය දුන් තැනැත්තා ලෙස සැලකෙන මහේර් අබ්දුල්ලාසි මුටේ්‍රබ් පවසා ඇත. ජමල් කශොග්ජී ඝාතනයට මහේර් අබ්දුල්ලාසි ප්‍රමුඛ 15 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් තුර්කියේ ඉස්තාන්බුල් බලා පැමිණ ඇති බව අනාවරණය වී ඇත.

‘ලොක්කා’ යනුවෙන් ඔහු අදහස් කරන්නේ සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුන් බව පැහැදිලි යැයි නිව්යෝක් ටයිම්ස් පුවත්පත අනාවරණය කර ඇත.

(අල් ජසීරා)


RECOMMEND POSTS