ගුවන් යානා පදවන්න සැරැසෙයි



ගුවන් නියමුවන් වීමේ බලාපොරොත්තුවෙන්, සෞදි කාන්තාවන් ද, බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඞ් ගුවන් නියමු පුහුණු ඇකඩමියට ඇයැදුම්පත් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.

ඔක්ස්ෆර්ඞ් ගුවන් නියමු පුහුණු ඇකඩමියේ ශාඛාවක් ඉදිරියේ දී සෞදියේ දම්මාන් නුවරදී ආරම්භ වනු ඇති බව, සෞදි කතුන් මෙම ශාඛාව සමඟ එක්වී පුහුණුව ලබා ගැනීමට නියමිතය.

සෞදි රජයේ නව ප්‍රතිසංස්කරණ අනුව, සෞදි කතුන්ට නිදහස හිමිවීමත් සමඟ ඔවුන් රිය පැදවීමට පමණක් නොව, ඉදිරියේ දී ගුවන් නියමුවරියන් ලෙස ගුවන් යානා පවා පැදවීම සිදු කරනු ඇති බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS