හදිසි නීතිය ඉවතට



මීට වසර දෙකකට පෙර සිදු වූ අසාර්ථක හමුදා ක්‍රමන්ත්‍රණයත් සමඟ පැවැත්වූ හදිසි නීතිය ඉවත් කිරීමට තුර්කි රජය තීරණය කර ඇත.

හදිසි නීතිය ඉවත් කළත් රජය දැඩි නීතිරීත පනවනු ඇතැයි එරට විපක්ෂ කණ්ඩායම් බිය පළ කරයි. හමුදා කුමන්ත්‍රණය සිදු වී දින පහකට පසු එනම් 2016 වසරේ ජූලි 20 වැනිදා හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට තුර්කි ජනාධිපති රෙජෙබ් තායිප් ඇර්දොවාන් පියවර ගත්තේය.

තුර්කි ජනරජය පෙරළා දමමින් බලය අල්ලා ගැනීමට දරන ලද උත්සාහයේදී අන්කාරා නුවරට ප්‍රහාරක යානා බෝම්බ ප්‍රහාර ද එල්ල කළේය. හමුදාවේ කොටසක් දියත් කරන මෙම හමුදා කුමන්ත්‍රණයෙන් 249 කුට ජීවිත අහිමි විය.

හර්ෂණ තුෂාර සිල්වා

(ඒ.එෆ්.පී)


RECOMMEND POSTS