කුමරු බලන්න ඇවිල්ලා



ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවර රැඳී සිටි විලියම් කුමරු දැක ගැනීමට ඊශ්‍රායල වැසියෝ මහත් උනන්දුවක් දැක්වූහ.

ඊශ්‍රායලය වැසියන්ගෙන් විලියම් කුමරුන්ට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි. කුමරු දැක ගැනීමට ටෙල් අවීව් නුවරට එක්රොක් වුණු පිරිස දහසකට වැඩිය.

විලියම් කුමරු බෙයිඑයාර් කෞතුකාගාරයට ගිය අවස්ථාවේදී, ඊශ්‍රායල වභාපාරිකයින්, විද්වතුන්, කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංගම් නියෝජිතයින් ආදී ක්‍රියාකාරින් රැසක් හමුවී සුහඳ සාකච්ඡාවක නියැලුණේය.

ටෙල් අවීව් වීදි සංචාරයට විලියම් කුමරු එක් වූයේ ඊශ්‍රායලයේ ප්‍රකට ගායිකාවක වන නෙටා බ්‍රසීලායි සමඟය. ඇය විදියේ කඩයකින් විලියම් කුමරුන්ට විශේෂ සිසිල් බීම වීදුරුවක් ද මිලදී ගත් බව පැවැසෙයි.

(මේල් ඔන්ලයින්)


RECOMMEND POSTS