කටාර් එමීර් ඇමෙරිකාවේ



ඇමෙරිකාවේ නිල සංචාරයක යෙදෙන කටාර් එමීර් ෂෙයික් තමීම් අල් තානී සහ ඇමෙරිකා ආරක්ෂක ලේකම් ජේම්ස් මැතිස් සමඟ සාකච්ඡා පැවැත්වීය.

කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් සහ ස්ථාවරත්වය සම්බන්ධයෙන් කටාරය කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් කටාර් එමීර්වරයාට ඇමෙරිකා ආරක්ෂක ලේකම් ජේම්ස් මැතිස් ස්තුති කිරීමට ද අමතක නොකළේය.

කටාරයේ අල් උදියා ගුවන් කඳවුර ඇමෙරිකාවට විවෘත කර දීමට කටාර් බලධාරීන් කටයුතු කර ඇත. මේ සම්බන්ධයෙන් ද කටාර් එමීර්වරයාට සිය කෘතඥතාව පිරිනැමීමට ඇමෙරිකා ආරක්ෂක ලේකම්වරයා අමතක නොකළේය.

මැදපෙරදිග කලාපයේ ත්‍රස්තවාදයට එරෙහි සටනේදී කටාරයෙන් ඇමෙරිකාවට පූර්ණ සහාය හිමිවෙයි. කටාරය සහ ඇමෙරිකාව එක් වී ඒකාබද්ධ යුද අභ්‍යාස පවා පවත්වයි. කටාරය සහ ඇමෙරිකාව අතර ඒකාබද්ධ යුද අභ්‍යාස සඳහා කටාර් සොල්දාදුවන් සමඟ ඇමෙරිකන් සොල්දාදුවෝ 10,000 ක පිරිසක් එක්ප වෙති.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS