කටාර් එමීර් ඉන්දුනීසියාවේ



ආසියාවේ සංචාරයක යෙදෙන කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල් තානී, අද (18) ඉන්දුනීසියාවට පැමිණියේය.

ඉන්දුනීසියා ජනාධිපති ජෝකෝ විඩෝඩෝගෙන් කටාර් එමීර්වරයාට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි. දෙදෙනා අතර හමුව බටහිර ජාවා ප්‍රාන්තයේ බොගෝර්හි ඉන්දුනීසියා ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි.

කටාර් රාජ්‍යය සහ ඉන්දුනීසියාව අතර ද්වී පාර්ශ්වීක සබඳතා ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්විණි. වෙළෙඳ ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබුණි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS