ඉතාලි අගමැති දෝහා ඇවිත්
ඉතාලි අගමැති පඕලෝ ජෙන්ටිලෝනී, එක් දින නිල සංචාරයක් සඳහා අද (1) කටාර්හි දෝහා බලා පැමිණියේය.
ඉතාලි අගමැතිවරයා සමඟ විශේෂ ධූත පිරිසක් ද මෙම කටාර් සංචාරය සඳහා පැමිණි බව වාර්තා වේ. ආයෝජකයෝ පිරිසක් ද ඊට ඇතුළත්ව සිටිති.
කටාර් රමීර් අල් තානීගෙන් ඉතාලි අගමැතිවරයා ඇතුළු පිරිසට උණුසුම් පිළිගැනීමක් හිමුවුණු බව ද පැවැසෙයි. පිරිස පිළිගැනීමට හමාද් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට කටාර් ආර්ථික කටයුතු ඇමැති අලී ෂරීෆ් අල් එමාදී පැමිණ සිටියේය.
(ද පෙනින්සියුලා)