ඉරානය පරමාණු බෝම්බ හදනවා



බටහිර රටවලට හොරෙන් ඉරානය පරමාණු බෝම්බ නිපදවනවා යැයි ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු චෝදනා කරයි.

තම චෝදනා ඔප්පු කිරීමට ඉරානයෙන් ලබා ගත් පිටු 55,000 කින් සමන්විත රහස් ලියකියවිලි රැසක් ඇති බව ද ඊශ්‍රායල අගමැති නෙදන්යාහු වැඩි දුරටත් කියා සිටී.

ඊශ්‍රායල අගමැතිවරයා මාධ්‍ය හමුවේ මේ පබව අනාවරණය කළේ ආරක්ෂක අංශ ප්‍රධානීන් ද සමඟ එක් වී ටෙල් අවීව් නුවර පැවැත් වූ මාධ්‍ය හමුවකදීය.

ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය, ඩර්මනිය සහ ප්‍රංශය ඇතුළු බටහිර රටවල්, චීනය සහ රුසියාව ද හවුල් කර ගනිමින් 2015 වසරේ දී ඉරානය සමඟ එකඟතාවකට යමින් න්‍යෂ්ටික ගිවිසුමක් ඇති කර ගත්තේය. එම අවස්ථාවේදී ඇමෙරිකාවේ ජනපති ධුරය හෙබවූයේ බැරැක් ඔබාමාය.

මෙය ඊශ්‍රායලයේ දැඩි විරෝධයට හේතුවක් විය. ඊශ්‍රායලය තරයේ කිසි සිටියේ න්‍යෂ්ටික එකඟතාව හරහා ඉරානයට ‘බුරුලක්’ දීම කිසිසේත් අනුමත කළ නොහැකි බවය.

(රොයිටර්)


RECOMMEND POSTS