ටෙලර් යන්ත්‍ර 34 ක් කැඩු සොරුන් අල්ලයි



ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර 34 ක් කඩා මුදල් සොරකම් කරන ලද සෞදි ජාතිකයින් තුන්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට රියාද් නුවර පොලීසිය සමත් වී ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය. 

රියාද් නුවර පිහිටා ඇති බැංකුවක ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක් කඩා මුදල් සොරකම් කරමින් සිටියදී සෞදි ජාතිකයින් තුන්දෙනා පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

“මෙම පුද්ගලයින් තුන්දෙනා ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර 34 ක් කඩා මුද්ල සොරකම් කළ බවට අපි ලඟ සාක්ෂි තියනවා, සෙරකම් සිදුකරන ආකාරය ටෙලර් යන්ත්‍ර වල සවිකර තිබෙන ආරක්ෂිත කැමරාවල සටහන් වී තිබෙන නිසා පහසුවෙන් ඒබව තහවුරු කරගන්න පුළුවන්’’ යනුවෙන් රියාද් නුවර පොලිස් මාධ්‍ය ප්‍රකාශක,කර්නල්ෆවාස්අල්-මිමාන් මාධ්‍යට අදාල වීඩියෝ දර්ශන පෙන්වමින් ප්‍රකාශ කළ බවජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කළේය. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS