පාසල් විභාගයක උත්තර විකුණලා



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ උසස් පාසල් අතර පවත්වන විභාගයකට අදාල උත්තර ඩිරාම් 500සිට 1000ක මුදලකට අරාබි ජාතිකයන් දෙදෙනෙක් විකුණා ඇති බව වාර්තා වේ.

අරාබි ජාතිකයන් දෙදෙනාගේ බැංකු ගිණුම්, දුරකථන සංවාද සහ හැසිරීම පිළිබඳවසොයා බැලීමටඅපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලීසිය ප්‍රකාශ කළේය. 

මීට පෙර අවස්ථාවන් කීපයකදී,සිසුන්ට උත්තර ලබාදීමට කටයුතු කර ඇති අතර පසුවමුදල් ඉපයීමට පටන් ගෙන ඇත.

විභාගයට පෙර ආදර්ශ උත්තර ජංගම දුරකථනය හරහා සිසුන්ට යවා ඇති බවට මුලික විමර්ෂණවලදී අනාවරණය කරගැනීමට හැකි වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

ජී.ඩී.ඒන්. ඔන්ලයින්


RECOMMEND POSTS