තීරණය තුර්කිය ඉරානය රුසියාව අතේ



ඉදිරියේ දී පැවැත්වීමට නියමිත සිරියානු සාම කතා සඳහා සහභාගී විය යුත්තේ කුමන රටවල් ද යන්න තීරණය කරනු ඇත්තේ තුර්කිය, ඉරානය සහ රුසියාව යැයි තුර්කි රජය වෙනුවෙන් එරට විදේශ ඇමැති මෙවුලුත් කවුසොග්ලූ පෙන්වා දෙයි.

මේ වනවිටත් සිරියාවේ දේශපාලන අර්බුදය විසඳීමට  තුර්කිය, ඉරානය සහ රුසියාව මැදිහත් වී සිටී.

තුර්කිය සහාය පළ කරන්නේ සිරියානු විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලටය. ඉරානය සහ රුසියාව සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ට සහාය දක්වයි. මෙම රටවල් තුන සිරියාව සම්බන්ධයෙන් එකමුතු වූයේ පසුගිය 2016 වසරේදීය.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS