කටාරය හුදෙකලා කළැයි කනස්සල්ලෙන්



ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන බවටත්, අන්තවාදයට උඩගෙඩි දෙන බවටත් චෝදනා කරමින්, කටාර් රාජ්‍යය හුදෙකලා කරමින්, ඊට සම්බාධක ද පැනැවීමට සෞදිය, බහරේනය, එක්සත් අරාබි එමීරේට්ස් රාජ්‍යය සහ ඊජිප්තුව කටයුතු කිරීම ඇමෙරිකාවේ කනස්සල්ලට හේතුවක් වී ඇත.

කටාර් රාජ්‍යය සමඟ සියලු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නැවැත්වීමට සෞදිය ප්‍රමුඛ ගල්ෆ් කලාපීය රටවල් කටයුතු කළේ පසුගිය ජූනි 5 වැනිදාය. ඒ අනුව සම්බාධක පනවා අද දින 120 ක් ගත වී ඇතැයි ද පැවැසෙයි.

සෞදිය ඇතුළු සෙසු ගල්ෆ් කලාපීය රටවල් සමඟ කිසිදු ආකාරයකින් යුද අභ්‍යාස පවත්වන්නේ නැති බව ඇමෙරිකන් රජය දැන්වා ඇත. කටාර් රාජ්‍යය සහ ඇමෙරිකාව අතර ශක්තිමත් හමුදා සබඳතා පවතී.

බුද්ධි අංශ තොරතුරු හුවමාරුවක් ද සිදුවෙයි. ඇමෙරිකාව පවසන ආකාරයට මැදපෙරදිග කලාපයේ ත්‍රස්තවාදයට එරෙහි සටනේ දී ඔවුන්ගේ ප්‍රධාන හිතවතා කටාර් රාජ්‍යයයි.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS