ගෝලීය ත්‍රස්ත දර්ශකයේ අංක එකට



අරාබි ලීගයට අයත් රටවල් 22ක අතරින් ත්‍රස්තවාදී ප්‍රහරයක් එල්ල වීමේ වැඩිම අවධානමක් ඇති රට ලෙස ඕමාන රාජ්‍යය ගෝලීය ත්‍රස්ත දර්ශකයේ අංක එකට පැමිණ ඇති බව වාර්තා වේ.

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදනම් කරගත් ආර්ථික හා සාමය පිළිබඳ ආයතනය සිදුකරන ලද සමීක්ෂණයකින් හෙළි වී ඇත.

ලෝකයේ රටවල් අතරින්, ත්‍රස්ත ප්‍රහාරයන් හේතුවෙන් පීඩාවට පත් නොවු රටවල් 30 අතරට පැමිණීමට2016 වර්ෂයේදිඕමාන රාජ්‍යය සමත් වු බව ආර්ථික හා සාමය පිළිබඳ ආයතනය නිකුත් කරන ලද වාර්තාවේ සඳහන් කර ඇත.

ත්‍රස්තවාදී ප්‍රහාරයන් හේතුවෙන් 2017 වර්ෂය තුල සිදු වු මරණ සංඛ්‍යාව පෙර වර්ෂයන් හා සංසන්දනය කිරීමේදි 13%කින් පහළ ගොස් ඇති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS