ලතින් ඇමෙරිකා සංචාරයක්



කටාර් එමීර් තාමීම් බින් හමාද් අල් තානී, ලතින් ඇමෙරිකා රටවල් කීපයක සංචාරයකට සූදානම් වෙයි.

ඒ, සෞදිය, බහරේනය, ඊජිප්තුව සහ එක්සත් අරාබි එමීරය එක් වී, කටාරය හුදෙකලා කරමින් පනවා ඇති සම්බාධක මැදය.

සම්බාධක හේතුවෙන් කටාරය අර්බුද රැසකට මුහුණ දී සිටී. එහෙයින් නව මිතුරන් ඇති කර ගැනීමේ අරමුණ ඇතිව කටාර් එමීර්වරයා මෙම ලතින් ඇමෙරිකා සංචාරය ආරම්භ කරනු ඇත.

ඒ අනුව, කටාර් එමීර්වරයා ඉක්වදෝර්, පේරු, ආජන්ටීනා සහ පෙරුගුවේ යන රටවලට යනු ඇතැයි ද පැවැසෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS