උපරිම උෂ්ණත්වය 51



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 51 දක්වා ඉහළ ගොස් ඇති බව එමිරේට්ස් කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව ප්‍රකාශ කළේය.

නගර හතරක උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ඉක්මවා ගොස් ඇති අතර අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 27.7ක් ලෙස වාර්තා වී ඇත.

වායුගෝලයේ ආර්ද්‍රතාවය ඉහළ මට්ටමක පැවතීම නිසා රාත්‍රී කාලයේ සහ අලුයම් කාලයේ මුහුදු බඩ ප්‍රදේශවල මෙන්ම රට අභ්‍යන්තරයේ මීදුම් සහිත තත්ත්වයන් වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පෙන්වා දෙයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS