ගුවන් යානයකින් දුමක් පිටවෙලා



කුවේට් ගුවන් සමාගමට අයත් මඟි ගුවන්යානයක ගුවන් මඟින්ට අයත් ගමන්මලු අසුරා ඇති ස්ථානකින් දුමක් පිටවීමට හේතුවෙන් ගුවන් ගත වී විනාඩි කීපයකින් යලි ගොඩබැස්ස වීමට ගුවන් නියමුවන්ට සිදු වු බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

ගුවන්යානය කුවේට් අන්තර්ජාතික ගුවන්තොටුපලේ සිට දෝහා බලා පියාසර කිරීමට නියමිතව තිබි ඇත.

ගුවන් මඟින් ආරක්ෂිතව ගුවන්යානයෙන් ඉවත් කිරීමට ගුවන්තොටුපල ආරක්ෂක අංශ කටයුතු කළ අතර කුවේට් අන්තර්ජාතික ගුවන්තොටුපලේ ගුවන්යානා කාර්මික අංශය පැමිණ ගුවන්යානය පරීක්ෂාවට ලක් කර ඇත.

ගුවන් මඟින් වෙනත් ගුවනයානයකින් දෝහා බලා පිටත් කර යැවීමට ගුවන්තොටුපල බලධාරීන්පසුව කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS