හමුදා විසඳුමකට ගියොත් විනාශයක්



කැරැලිකරුවන්ගේ පාලනයේ තිබෙන අවසන් ප්‍රදේශය වන ඉඞ්ලිබ්හි බලය අත්පත් කරගැනීමට කෙරෙන හමුදාමය විසඳුමක් යනු මහ විනාශයක් යැයි තුර්කි විදේශ අමාත්‍ය මෙව්ලුත් චවුෂෝවුලු සිකුරාදා (24) පැවැසීය.

“හමුදාමය විසඳුමක් යනු මහ විනාශයක්” රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රොව් සමඟ මොස්කව් නුවරදී ඒකාබද්ධ පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් මෙව්ලුත් චවුෂෝවුලු කීය.

“ඉඞ්ලිබ් හි පමණක් නෙවෙයි සිරියාවේ අනාගතය දෙස බැලීමේදීත් එය මහ විනාශයක්. එහි ඇතිවන ගැටුම දීර්ඝ කාලයක් තිබේවි” හෙතෙම කීවේය.

එම කලාපයේ ජනගහනය විශාල වීම තිබෙන ප්‍රමුඛතම අවදානමක් යැයි ද ඔහු එම මාධ්‍ය හමුවේදී පෙන්වා දුන්නේය.
“සිවිල් වැසියන්ට හානි වේවි. මිනිස්සු ලක්ෂ 35කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. ඔවුන් යන්නේ කොහෙද ?” හෙතෙම ප්‍රශ්න කළේය.

රුසියාවේ සහාය ඇතිව සිරියානු රජයේ හමුදා වයඹ දිග පළාතට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරනු ඇතැයි වාර්තා පළ විය. එම පළාත සිරියානු රජයට එහෙරි කැරැලිකරුවන්ගේ අවසන් ප්‍රධාන බලකොටුවයි.

හර්ෂණ තුෂාර සිල්වා
ඒ.එෆ්.පී


RECOMMEND POSTS