විශේෂ අධිකරණයක්



ගෘහ සේවකයන් හා සම්බන්ධ පැමිණිලි විභාග කිරීම සඳහා වන විශේෂ අධිකරණයක් පිහිටුවීමට අබුඩාබි බලධාරිහු පියවර ගෙන ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප අගමැති, ජනාධිපති කටයුතු පිළිබඳ අමාත්‍ය සහ අබුඩාබි අධිකරණ දෙපාර්තමේන්තුවේ සභාපති ෂෙයික් මන්සූර් බින් සෙයිඞ් අල් නායන් විසින් මේ සඳහා වන ඒකක සැකැස්ම සිදුකරන බව ජීඩීඑන් වෙබ් අඩවිය කියයි.

කුට්ටනය, බලෙන් වැඩ ගැනීම හා සේවකයන්ට එරෙහි හිංසා සපුරා තහනම් කරමින් ඉකුත් වසරේ සැප්තැම්බරයේ දී එරට ජනාධිපති ෂෙයික් කලිෆා බින් සෙයිඞ් අල් නායන් විසින් පෙඩරල් නීතියක් සම්මත කරන ලද බවත්  එකී නීතිය අනුව ගෘහ සේවයකයන්ට තම නිල ලේඛන ලඟ තබා ගැනීමේ අයිතිය  ලැබුණු බවත් එම වෙබ් අඩවිය කියයි.

නව අධිකරණ ඒකක මඟින් ගෘහ සේවකයන් හා සම්බන්ධ පැමිණිලි ඉක්මණින් විභාග කරනු ඇතැයි ද එම වෙබ් අඩවියේ සඳහන් වේ.

විනීතා එම් ගමගේ

 


RECOMMEND POSTS