නැවක් පුපුරවන්න හදලා



අධි බලැති පුපුරණ ද්‍රව්‍ය පිරවු බෝට්ටු ගැටීමට සැළැස්වීමෙන් රතු මුහුදේ යාත්‍රා කරන ජාත්‍යන්තර නෞකා පුපුරවා හැරීමට හවුදි ගරිල්ලන්සැළසුම්කරමින් සිටි බව යේමනයේ සිටින අරාබි සන්ධාන හමුදාව ප්‍රකාශ කළේය.

රතු මුහුදේ යාත්‍රා කළ වෙළඳ නෞකාවකට එල්ල කිරීමට සැළසුම් කළ ප්‍රහාරයක් ව්‍යර්ථ කිරීම අරාබි සන්ධාන හමුදාවට අයත් නාවික හමුදාව සමත් වී ඇත.

මෙවැනි ආකාරයේ ප්‍රහාරයන් කීපයක් එල්ල කිරීමට හවුදි ගරිල්ලන් පසුගිය කාලයේ උත්සහ කළ බව සන්ධාන හමුදාව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS