ඉන්ධන බෙදාහැරීම නවතා දැමේ



ගාසා තීරයේ පලස්තීනුවන්ට ඉන්ධන බෙදාදීම තාවකාලිකව නවතා දැමීමට, ඊශ්‍රායලය තීරණය කර ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

ඉන්ධන බෙදා හැරීමේ නවතා දැමීමට ඊශ්‍රායලය තීරණය කර ඇත්තේ, පලස්තීන විරෝධතාකරුවන් පෙට්‍රල් බෝම්බ බැලූන් යොදා ගනිමින් ඊශ්‍රායල ආරක්ෂක අංශ වෙත ප්‍රහාර එල්ල කිරීමය.

එසේ ප්‍රහාර එල්ල කිරීම වැළැක්වීමේ අරමුණින්, මෙම තීරණය ගත් බව ඊශ්‍රායලය පෙන්වා දෙයි. ඉන්ධන යැවීම නවතා දැමුවත්, ගාසා තීරයට ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ බෙදා හැරීම දිරැටම සිදු කරන බව ඊශ්‍රායලය වැඩිදුරටත් කියා සිටී.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS