කෘතිම බුද්ධියෙන් අපරාධ අල්ලයි



අබුඩාබි පොලීසිය කෘතිම බුද්ධිය භාවිතා කරමින් ජනවාරි මාසයේ සිට මේ දක්වා අපරාධකරුවන්550ක් අත්අඩංගුවට ගත් බව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

අත්අඩංගුවට ගත් පිරිසෙන් 109 දෙනෙක් දරුණු ගණයේ අපරාධ සම්බන්ධයෙන්ද අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය වී සිටි පුද්ගලයින් වන අතර 441 දෙනෙක් වෙනත් අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබු පුද්ගලයන් බව වාර්තා වේ.

කෘතිම බුද්ධි පද්ධතියට සවිකර ඇති කැමරා හරහා මුහුණේ ලබා ගන්නා ඡායාරූප මඟින් නිවැරදිවම අපරාධකරුවන් හඳුනාගැනීමට හැකියාව ලැබෙන බව ඩුබායි පොලීසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේනියෝජ්‍ය අණදෙන නිලධාරී, මේජර් ජෙනරාල් කලීල් ඉබ්‍රාහීම් අල්-මන්සූරි ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් එන්ලයින්)


RECOMMEND POSTS