ජනපති පාපැදියෙන් සංචාරයක



ඊජිප්තු ජනාධිපති, අබ්දෙල් ෆාටා අල්-සිසි ෂාම් අල්-ෂික් නගරයේ පාපැදියෙන් සංචාරය කර ඇති බව වාර්තා වේ.

ජර්මනියේ බර්ලින් නුවර පැවති ජී20 සමුළුවට සහභාගි වී ෂාම් අල්-ෂීක් අන්තර්ජාතික ගුවන්තොටුපොලට පැමිණීමෙන් පසු ජනාධිපතිවරයා පාපැදියෙන් සංචාරය කර ඇත.

ඉන් පසු, නොවැම්බර් 03 දින සිට 06 දින දක්වා පැවැත්වෙන දෙවන ලෝක තරුණ සමුළුවට සහභාගි වීම සඳහා ජනාධිපතිවරයා පිටත්ව ගොස් ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS