විදේශ ශ්‍රමිකයන්ට ඍජු දුරකථන අංකයක්



කුවේට් රාජ්‍යයේ සේවයේ යෙදී සිටින විදේශිය ශ්‍රමිකයින්ට පැන නගින නීතිමය ගැටළු සහ දුෂ්කරතාවයන් නිරාකරණය කර ගැනීම සඳහා උපදෙස් ලබා ගැනීමට ඍජු දුරකථන අංකයක් මානව හිමිකම් පිළිබඳ කුවේට් සංසදය වෙන් කර ඇති බව එම සංසදයේ සභාපති, කලීඩ් අල්-හමීඩි ප්‍රකාශ කළේය. 

අරාබි, ඉංග්‍රීසි, පිලපීන, හින්දි සහ උර්දු යන භාෂා වලින් 22215150 දුරකථන අංකය ඔස්සේ ඇමතීමෙන් කම්කරු නීති, ඇමති මණ්ඩල තීරණයන් සහඅයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ගතයුතු නීතිමය ක්‍රියාමාර්ගයන් සහ අනිකුත් ගැටළු පිළිබඳව විශේෂඥ දැණුම ශ්‍රමිකයින්ට ලබාගත හැකි බව සභාපතිවරයා ප්‍රකාශ කළේය.

ඍජු දුරකථන අංකයක් වෙන්කිරීම මඟින් ආයතනයන් තුල දී  විදේශීය ශ්‍රමිකයන්ට විදින්නට සිදුවන දුෂ්කරතාවයන් අවම කර ගැනීමට හැකි වන බව ඇරබ්-ටයිම්ස්-ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක                                                                    

(ඇරබ්-ටයිම්ස්-ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS