ගුවන් ප්‍රහාරවලින් 14 ක් මරුට



ඇමෙරිකා ප්‍රහාරක යානා එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් සිරියාවේ සිවිල් වැසියන් 14 දෙනකු මියගොස් ඇති බව වාර්තා වේ.

ඇමෙරිකාව පවසා ඇත්තේ තමන් අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තාවාදීන් ඉලක්ක කර ගනිමින් පහර දීම කළ බවය.

සිරියානු අර්බුදයේ දී ඇමෙරිකාවේ සහාය හිමිවන්නේ සිරියානු රජයට නොව, සන්නද්ධ විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලටය. අයි.එස්. විරෝධී අල් නුස්රා ඉස්ලාමීය ත්‍රස්තවාදීන් ද එම දේශපාලන කණ්ඩායම්වලට සම්බන්ධ වී සිටින බව පැවැසෙයි.

(රොයිටර්ස්)


RECOMMEND POSTS