අනතුරු 40%කින් අඩුවෙලා



ඕමානයේ මාර්ග අනතුරු සියයට හතළිහකින් පසුගිය මාසයේ අඩු වී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ඕමාන් සංඛ්‍යාලේඛන හා තොරතුරු මධ්‍යස්ථානය ප්‍රකාශ කළේය.

2017 අප්‍රේල් මාසයේදි අනතුරු 1,323ක්ද, 2018 අප්‍රේල් මාසයේදි 797ක්ද වාර්තා වී ඇත.

2018 වර්ෂයේ අනතුරුවලින් පුද්ගලයන් 203ක් ජීවිතක්ෂයට පත් වී 926ක් තුවාල ලබා ඇති අතර 2017 වර්ෂයේදි පුද්ගලයන් 202ක් ජිවිතක්ෂයට පත් වී 1,024ක් තුවාල ලබා ඇත.  

විදේශිකයන් අසූදෙදෙනෙක් 2018 වර්ෂයේ දි ජිවිතක්ෂයට පත් වී ඇති අතර ජිවිතක්ෂයට පත් වු සංඛ්‍යාවෙන් හත්තෑහතරක් පිරිමින් වන අතර අටදෙනෙක් කාන්තාවන් වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS