මිලියන 2ක් අත්අඩංගුවට අරන්



සෞදිය තුල නීතිවිරෝධි ආකාරයෙන් රැඳි සිටින පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් දියත් කිරීමට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පසුගිය නොවැම්බර් මාසයේදි පියවර ගත්තේය. අදාල වැඩපිළිවෙල “නීතිවිරෝධි විදේශිකයන්ගෙන් තොර ජාතියක්’’ යනුවෙන් නම් කර ඇත.

2017 -2018 කාලය තුල පුද්ගලයන් 2,055,299 දෙනෙක් අත්අඩංගුවට ගෙන 527,351 දෙනෙක් රටවල්වලට පිටුවහල් කළ බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

නීතිවිරෝධිව ඇතුළු වීමට සහ පිටවීමට උත්සහ කිරීම, රැකවරණ ලබාදීම, අපරාධවලට සම්බන්ධ වීම සහ නීතිවිරෝධි ක්‍රියාවන් සිදුකිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

 

ජානක ප්‍රියදර්හන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS