කටාරයේ ජල ගැලීම්



ඇද හැලෙන මහ වැසි හේතුවෙන් කටාර්හි දෝහා අගනුවර අබු හමෝර් පළාතේ ස්ථාන කිහිපයක ජල ගැලීම් වාර්තා වේ.

ජල ගැලීම් හේතුවෙන් මාර්ග රැසක් අවහිර වී ඇති බවත්, ගමනා ගමන කටයුතු මුළුමනින්ම අඩපණ වී ඇති බවත් අල් ජසීරා පුවත් සේවය වාර්තා කර තිබේ.

කාලගුණ විද්‍යාඥයන් පවසා ඇත්තේ පසුගිය දින කිහිපයේ කටාර් රාජ්‍යයට වාර්තාගත ලෙස වර්ෂාපතනයක් සිදුවුණු බවය.

(අල් ජසීරා)


RECOMMEND POSTS