කුවේට් රජය තෙල් කාන්දුව වසං කරලා



පර්සියානු ගල්ෆ් මුහුදේ සිදුවුණු තෙල් කාන්දුවක් ජනතාවගෙන් වසං කළේ යැයි කුවේට් රජයට දොස් අහන්න සිදුවී ඇතැයි ප්‍රෙස් ටීවී පුවත් සේවය වාර්තා කරයි.

කුවේට් පරිසරවේදීන්ගේ සංගමය හෙවත් ‘ග්‍රීන් ලයින්’ හි සභාපති කලීඞ් අල් හජේරි මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ, තෙල් කාන්දුව සිදුවී දින කිහිපයක් ගත වුණත්, ඒ ගැන කුවේට් බලධාරීන් කුවේට් වැසියන්ගෙන් පමණක් නොව, ජාත්‍යන්තරයෙන් ද වසං කළ බවය.

සති අන්තය වනවිට දකුණු දිග කුවේටයේ රාස් අල් සෝර් වෙරළ තීරයේ තෙල් තට්ටු තැම්පත් වී ඇති අයුරුත්, සාගර ජීවීන් සහ පක්ෂීන් මියගොස් ඇති අයුරුත් දකින්න ලැබුණු බවය.

සිදුවුණු මෙම තෙල් කාන්දුව හේතුවෙන් සාගර පද්ධතියට සිදුවුණු හානිය මෙතෙක් ගණනය කර නොමැති බවත්, ඊට කුවේට් රජය වගකිව යුතු බවත් පරිසරවේදීහු දොස් නගති.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS