එකඟතාව ගැන සාකච්ඡා



ඉරාන විදේශ ඇමැති සහ යුරෝපා සංගමය අතර විශේෂ සාකච්ඡාවක් පැවැත් විණි. ඒ, ඉරානය සහ ලෝක බලවතුන් අතර 2015 වසරේ දී ඇතිකරගත් න්‍යෂ්ටික එකඟතාව සම්බන්ධයෙනි.

ඉරානය සිය න්‍යෂ්ටික කටයුතු සීමා කර ඇත්තේ එම එකඟතාවට ගරු කිරීමක් ලෙසිනි. කෙසේ නමුත් වර්තමාන ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ඉරාන විරෝධී ප්‍රතිපත්ති මුල්කොට ගනිමින් එම න්‍යෂ්ටික එකඟතාව බිඳී යෑමේ අවදානමක් නිර්මාණය වී තිබේ.

යුරෝපා සංගමයේ විදේශ කටයුතු පිළිබඳ ප්‍රධානී ෆෙඞ්රිකා මොගෙරීනී සහ ඉරාන විදේශ ඇමැති මොහොමද් ජාවද් සරීෆ් අතරේ මේ  සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් බ්‍රසල්ස් නුවරදී සාකච්ඡා පැවැත්විණි.

එහිදී පසුගිය දිනවල ඉරානයේ සිදුවුණු රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ කෙරෙහි යුරෝපා සංගමයේ සාමාජික රටවල වැඩි අවධානයක් යොමු නොවුණු බවත්, ඔවුන්ගේ අවධානය යොමු වූයේ ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සහ 2015 වසරේ දී ඇති කරගත් පොදු එකඟතාව පමණක් බවත් ඉරාන විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS