ඕමානයට වතුර නෑ



ඕමානයේ ඉබ්රි සහ යන්කුල් යන නගර දෙකටඉදිරි පැය 48ක කාලයක් සඳහා ජල සැපයීම අත්හිටුවීමට ඕමාන් විදුලි බල හා ජල සම්පාදන අධිකාරිය තිරණය කර ඇති බව ටයිම්ස් ඔෆ් ඕමාන් වෙබ් අඩවිය වාර්තා කළේය.

වාඩි අල්-අයින් සහ මසාරට් යන නගරවල පිහිටා ඇති පොම්පාරගාර වෙත විදුලි බලය සැපයෙන රැහැන් පද්ධතියේ ඇති වී ඇති දෝෂ සහගත තත්ත්වයක් හේතුවෙන් ජල සැපයීම පැය 48ක කාල සීමාවකට අත්හිටුවීමට සිදුවන බව විදුලි බල හා ජල සම්පාදන අධිකාරිය ප්‍රකාශ කළේය.

අවශ්‍ය ජලය රැස් කර ගන්නා ලෙසත් යම් ප්‍රශ්ණයක් ඇත්නම් 1442 දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන මෙන් විදුලි බල හා ජල සම්පාදන අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS