විධායක බලතල අතට ගනී



තුර්කියේ ඉකුත් දා පැවැති ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජනවරමක් හිමිකර ගනිමින් එරට පළමු විධායක ජනාධිපති ධුරයට පත් වුණු රිජෙප් තායිප් එර්දොවාන් සිය බලතල භාවිතයට ගනිමින් තුර්කි හමුදා ප්‍රධානීන් රැසක් 27 දෙනකු සහ හමුදා නිලධාරීන් 49 දෙනකු අත්අඩංගුවට ගැනීමට අණ දුන්නේය.

මෙසේ අත්අඩංගුවට ගැනුණේ 2016 වසරේ, එර්දොවාන් බලයෙන් නෙරපා හැරීමට හමුදා කුමන්ත්‍රණයට සම්බන්ධ හමුදා ප්‍රධානීන් සහ උසස් නිලධාරීන් යැයි ද පැවැසෙයි. අසාර්ථක වුණු එම හමුදා කුමන්ත්‍රණයෙන් පසු ඊට සම්බන්ධ වුණු 60,000 කට වැඩි පිරිසක් එර්දොවාන්ගේ රජය මැදිහත් වී අත්අඩංගුවට ගෙන ඇතැයි ද පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS