ලෙබනනය දාලා යන්නේ නෑ



මරණ තර්ජන එල්ල වෙනවා යැයි ධුරයෙන් ඉවත් වුණු ලෙබනන් අගමැති සාද් හරීරී යළි ලෙබනනයේ බීරූට් අගනුවර බලා පැමිණ සිටින අතර, ඔහු ඔහුගේ ආධාරකරුවන් අමතමින් කියා සිටියේ තමා ලෙබනනය හැර නොයන බවය.

තමා ලෙබනන් අගමැති ධුරයෙන් ඉවත් වෙනවා යැයි හරීරි පැවැසුවේ සෞදි සංචාරයක් අතරතුරේදීය.

එය ඔහුගේ ආධාරකරුවන් මවිතයට පත් කිරීමට හේතුවක් වී තිබුණි. හරීරි යළි ලෙබනනයට පැමිණීම ඔවුන්ට මහත් අස්වැසිල්ලක් වුණැයි ලෙබනන් පුවත් සේවා වාර්තා කරයි.

තමාට මරණ තර්ජන එල්ල වී ඇත්තේ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයෙන් සහ හිස්බුල්ලා සංවිධානයට සහාය දක්වන ඉරානයෙන් යැයි හරීරි පවසා තිබේ. කෙසේ නමුත් ඉරානයත් හිස්බුල්ලා සංවිධානයත් මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS