අවශ්‍ය සේවා ලබාදීලා



සම්බාධක හමුවේ වුවද තම ජනතාවට අවශ්‍ය සේවා සැපයීමට කටාර් රාජ්‍ය සමත්ව තිබේ. සෞදි අරාබිය සහ තවත් රටවල් කිහිපයක් කටාර් රාජ්‍යය සමඟ තිබෙන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නවත්වා මාස නවයක් ගත වුණ ද නොනත්ව තම ආර්ථික කටයුතු පවත්වාගෙන යෑමට කටාර් රාජ්‍යය සමත්ව තිබේ.

එහි එක් පියවරක් ලෙස කටාර් රාජ්‍යය ඇමෙරිකා එක්සත් ජනපදයෙන් එළදෙනුන් ආනයනය කිරීමට ඉකුත් දා කටයුතු කළේය.
සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහ්රේනය සහ ඊජිප්තුව කටාර් රාජ්‍යය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නවතා දැමුවේ පසුගිය වසරේ ජූනි මාසයේදීය.

මෙලෙස ඇමෙරිකා එක්සත් ජනපදයෙන් එළදෙනුන් ආනයනය කිරීමෙන් සම්බාධක හමුවේ තමන්ට නොසැලී කටයුතු කිරීමට හැකියාව ඇති කටාර් රාජ්‍යය පෙන්වා දී ඇතැයි බ්ලූම්බර්ග් පුවත් සේවය කියයි. සම්බාධක හමුවේ වුවද පසුගිය නව මාසයක කාලයේදී කටාර් රාජ්‍යයේ සිටින මිලියන 2.7ක නේවාසිකයන්ගේ නැවුම් කිරි අවශ්‍යතාව නොනවත්වා සැපයීමට කටාර් රාජ්‍යය සමත්ව තිබේ.

හර්ෂණ තුෂාර
බ්ලූම්බර්ග් ඇසුරිනි


RECOMMEND POSTS