සපත්තු දුන් ආරක්ෂකයා



කාඩ්බෝඩ් සෙරෙප්පු දෙකක් පැළඳ ඇවිදිමින් සිටි මහළු කාන්තාවකට මක්කම මහා පල්ලියේ රාජකාරී කටයුතුවල නිරතව සිටි ආරක්ෂක අංශ නිලධාරියෙක් තමන් පැළද සිටි සපත්තු දෙක පළඳවා ඇති බව වාර්තා වේ.

සිද්ධිය වන අවස්ථාවේ,  අසල සිටි පුද්ගලයෙක‍් වීඩියෝ කර සමාජ ජාල වෙබ් අඩවි කීපයක පළ කර ඇත.

ආරක්ෂක නිලධාරියාගේ මානුෂිකත්වය සහ කරුණාවන්තභාවය  පිළිබඳව සමාජ ජාල පරිශිලකයන් ප්‍රශංසාත්මකව සිය අදහස් පළ කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS