විපක්ෂ නායක සිපිරිගෙට



බහරේන් විපක්ෂ නායක ශෙයික් අලි සල්මාන්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කිරීමට එරට අභියාචනාධිකරණය තීන්දු කර ඇත.

ඒ  ඔහු කටාර් රාජ්‍යය වෙනුවෙන් ඔත්තු බැලීම සහ කටාරයෙන් මුදල් ආධාර ලබාගැනීමේ චෝදනාවට වරදකරු වීම හේතුවෙනි.

ඔහුට අමතරව ඔහුගේ පක්ෂයේ තවත් ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් දෙදෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කෙරිණි.

ඔවුන්ට එරෙහිව ගොනුකර තිබූ එම චෝදනාවලින් ඔවුන් නිදොස් කරමින් එරට මහාධිකරණයක් ලබාදුන් තීන්දුව අවලංගු කරමින් අභියාචනාධිකරණය ලබාදුන් මෙම නව තීන්දුව යුක්තියට එරෙහි පියවරක් බවට ජාත්‍යන්තර මානව හිමිකම් කණ්ඩායම් චෝදනා කළේ ය.

( තිළිණි ද සිල්වා )

කලීජ් ටයිම්ස් ඇසුරෙනි


RECOMMEND POSTS