යේමනයට පානීය ජල ව්‍යාපෘතියක්



යේමනයේ අල්- ආනඩ් නගරයේ සූර්ය බලයෙන් ක්‍රියාකරන ජල සැපයුම් පද්ධතියක් ඉදිකිරිම සඳහා එමිරේට්ස් රතුඅඩසඳ සංවිධානය ලහිජ් ආණ්ඩුකාර කාර්යාලය සමඟ ගිවිසුමක් අත්සන් කළ එරට මාධ්‍ය වාර්තා කළේය.

පානීය ජලය නොමැති කමින් පීඩා විදින යේමන ජනතාවට පිරිසිදු පානීය ජලය පහසුවෙන් ලබාගැනීමට හැකි වන අයුරින් ව්‍යාපෘතිය ඉදිකරන බවත් මෙවැනි ජලව්‍යාපෘතියක් යේමනයට ලබාදීම සම්බන්ධයෙන් එමිරේට්ස් රාජ්‍යයට ස්තූතිය පළ කරන බව ලහිජ් අණ්ඩුකාර, නසීර් අල්කාබ්ජි ප්‍රකාශ කළේය. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS