බලයෙන් නෙරපා දැමූ යේමන ජනපති මරලා



ජනතා විරෝධය මැද බලයෙන් නෙරපා දැමුණු යේමන ජනාධිපති අලී අබ්දුල්ලා සාලේ ඝාතනයට ලක් වී ඇතැයි යේමන අභ්‍යන්තර කටයුතු අමත්‍යාංශය කළ නිවේදනයක සඳහන් වෙයි.

හිටපු ජනාධිපතිවරයා ඝාතනයට ලක් වී ඇත්තේ සානා අගනුවර පැවැති අවි ගැටුමක් මැදදී යැයි ද පැවැසෙයි.

බලයෙන් ඉවත් වීමෙන් පසු සාලේ, හවුති ෂියා මුස්ලිම් සටන්කාමීන් සමඟ එක් වී, සෞදියට සහාය දක්වන වත්මන් යේමන රජයට එරෙහිව සටන් වැදුණේය.

යේමන රජය වැඩිදුරටත් පවසා ඇත්තේ යේමනයේ දේශපාලන අර්බුදය දිග් ගැස්සුණේ හිටපු ජනාධිපති සාලේගේ ‘උසි ගැන්වීම්’ නිසා කියාය.

1990 වසරේ සිට 2012 තෙක් කාලයේ යේමනයේ ජනපති ධුරය හෙබවූයේ අලී අබ්දුල්ලා සාලේය. ඔහු බලය අත් හැරියේ බටහිර සහාය ලැබූ විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීන්ගෙන් එල්ල වුණු බලපෑම් මධ්‍යයේය. සාලේගේ ඉල්ලා අස්වීමෙන් පසු යේමනය අවුල් ජාලයක් බවට පත්විය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS